උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය

සියයට පනහක් අවස්ථාවලදී දක්නට ලැබෙන දර්ශීය රෝග ලක්ෂණ ඔබ පෙන්නුම් නොකරන්නේ නම්, උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය හඳුනා ගැනීම අපහසු විය හැක. එමෙන්ම, සමහර අයගේ උණ්ඩුකපුච්ඡය පිහිටන ස්ථානය තරමක් වෙනස් විය හැක, උදා:

  • ශ්‍රෝණිය
  • මහාන්ත්‍රයට පිටුපසින්
  • කුඩා අන්ත්‍රය අවට
  • අක්මාවේ පහල දකුණු කෙළවර අසල

සමහර අයට උණ්ඩුකපුච්ඡ ප්‍රදාහයට සමාන වේදනාවල් තිබිය හැකි නමුත් ඒවා පහත ආකාරයේ වෙනත් තත්ත්ව නිසා ඇති වේ, ඒවා නම්:

ඔබේ වෛද්‍යවරයා ඔබේ රෝග ලක්ෂණ පිළිබඳ විමසා, උදරය පරීක්ෂා කර, ඔබේ උණ්ඩුකපුච්ඡය පිහිටි ප්‍රදේශය (ඔබේ උදරයේ පහල දකුණු පස කොටස) තද කිරීමේදී වේදනාව වැඩි වන්නේදැයි පරීක්ෂා කරනු ඇත. ඔබට උණ්ඩුකපුච්ඡ ප්‍රදාහයේ දර්ශීය රෝග ලක්ෂණ ඇත්නම්, සාමාන්‍යයෙන් ඔබේ වෛද්‍යවරයාට නිසැක රෝග විනිශ්චයක් ලබා දීමට හැකි වේවි. එවැනි අවස්ථාවක, ඔබව වහාම ප්‍රතිකාර සඳහා රෝහලක් වෙත යොමු කරනු ඇත.

වැඩිදුර පරීක්ෂණ

ඔබේ රෝග ලක්ෂණ දර්ශීය ඒවා නොවන්නේ නම්, රෝග විනිශ්චය තහවුරු කිරීමට හා අනෙකුත් තත්ත්ව බැහැර කිරීම සඳහා වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය විය හැක. ඔබට:

සමහර විට පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට යම් කාලයක් ගත විය හැක. තවමත් රෝග විනිශ්චය අවිනිශ්චිත නම්, ඔබේ ශල්‍ය වෛද්‍යවරයා ඔබේ උණ්ඩුකපුච්ඡය හා ශ්‍රෝණි අවයව පරීක්ෂා කිරීම සඳහා ලැපරොස්කොපි පරීක්ෂණයක් නිර්දේශ කරනු ඇත. උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය සැක කරන්නේ නම්, එය පැලීයාමේ අවදානම නිසා සාමාන්‍යයෙන් එය ඉවත් කිරීමට නිර්දේශ කෙරේ. එහි අදහස නම් සමහර අයගේ උණ්ඩුකපුච්ඡ සාමාන්‍ය බව පසුව පෙනී ගියත් ඉවත් කරනු ලැබ තිබිය හැකි බවයි. වෛද්‍යවරයෙකුට ඔබට උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය ඇත්දැයි අවිනිශ්චිත නම්, ඔවුන් ඔබේ රෝග ලක්ෂණ අඩු වේද, එලෙසම පවතීද, වැඩි වේද යන්න නිරීක්ෂණය කිරීමට ඔබට පැය 24ක් දක්වා රැඳී සිටීමට නිර්දේශ කිරීමට ඉඩ ඇත. ඔවුන් ඔබේ උණ්ඩුකපුච්ඡය පැලී ගොස් ඇතැයි සැක කරන්නේ නම්, ඔබව ඉතා ඉක්මනින් ප්‍රතිකාර සඳහා රෝහලට යවනු ඇත.